දකුණු චීන මුහුදේ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනය ඩොලර් මිලියනයක වන්දි ඉල්ලයි

පසුගිය මාසයේ දකුණු චීන මුහුදේ ගැටුමෙන් පසුව, පිලිපීනය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රයෙන් පෙසෝ මිලියන 60 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1)ක් වන්දි0 ගෙවන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම ඉල්ලීම පිලිපීනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රෝමියෝ බ්‍රව්නර් විසින් ප්‍රසිද්ධියට පත් කළා.

ගැටුමේ දී චීන මෝටර් බෝට්ටු මගින් පහර දුන් පිලිපීන නාවික හමුදා යාත්‍රා දෙකක පිරිවැය පියවා ගැනීමට මෙම වන්දි මුදල අපේක්ෂා කෙරෙනවා.

තව ද, ගැටුම මධ්‍යයේ චීන වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් බව කියන ගිනි අවි 7ක් ආපසු දෙන ලෙස ද ජෙනරාල් බ්‍රව්නර් ඉල්ලා සිටිනවා.

මීට අමතරව, නාවික හමුදා නිලධාරියෙකුගේ ඉදිරි ශල්‍යකර්මයක් සඳහා වන වියදම් දරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කිරීමට ද පිලිපීන හමුදාව සලකා බලනවා.

ජෙනරාල් බ්‍රව්නර් පවසන පරිදි ආරවුල අතරතුර චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පිලිපීන බෝට්ටුවේ ගැටීමෙන් නිලධාරියාගේ දකුණු මාපටැඟිල්ල අහිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?