දකුණු චීන මුහුදේ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනය ඩොලර් මිලියනයක වන්දි ඉල්ලයි

පසුගිය මාසයේ දකුණු චීන මුහුදේ ගැටුමෙන් පසුව, පිලිපීනය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රයෙන් පෙසෝ මිලියන 60 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1)ක් වන්දි0 ගෙවන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම ඉල්ලීම පිලිපීනයේ සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රෝමියෝ බ්‍රව්නර් විසින් ප්‍රසිද්ධියට පත් කළා.

ගැටුමේ දී චීන මෝටර් බෝට්ටු මගින් පහර දුන් පිලිපීන නාවික හමුදා යාත්‍රා දෙකක පිරිවැය පියවා ගැනීමට මෙම වන්දි මුදල අපේක්ෂා කෙරෙනවා.

තව ද, ගැටුම මධ්‍යයේ චීන වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් බව කියන ගිනි අවි 7ක් ආපසු දෙන ලෙස ද ජෙනරාල් බ්‍රව්නර් ඉල්ලා සිටිනවා.

මීට අමතරව, නාවික හමුදා නිලධාරියෙකුගේ ඉදිරි ශල්‍යකර්මයක් සඳහා වන වියදම් දරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කිරීමට ද පිලිපීන හමුදාව සලකා බලනවා.

ජෙනරාල් බ්‍රව්නර් පවසන පරිදි ආරවුල අතරතුර චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පිලිපීන බෝට්ටුවේ ගැටීමෙන් නිලධාරියාගේ දකුණු මාපටැඟිල්ල අහිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58