දකුණු කොරියාවේ සිදු වූ බිහිසුණු ම ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි

දකුණු කොරියානු ඉතිහාසයේ සිදු වූ බිහිසුණු ම ගුවන් යානා අනතුරට හේතුව එම ගුවන් යානයේ එන්ජින් කොටසට නුදුරින් වූ කොටසෙහි කුරුල්ලෙකු ගැටීම බව තහවුරු කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ සිදු කළ පුළුල් විමර්ශනවලින් අනතුරුව හෙළි ව ඇත්තේ බෝයිං 737-800 ගුවන් යානයක් වන 7C2216 ජෙජු එයාර් ගුවන් යානයේ එන්ජින් අංගනයේ කුරුල්ලෙකුගේ රුධිරය සටහන් ව ඇති බවත් ඒ සමග ම කුරුළු පිහාටු ද ඇලවී ඇති බවයි.

මෙම ඛේදවාචකය 2024 වර්ෂයේ දෙසැම්බර් මස 29 වැනි දින සිදු වූ අතර එහිදී පුද්ගලයින් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝ හෙළිදරව්ව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් රොයිටර්ස් පවසනවා.

තායිලන්තයේ සිට දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ බෝයිං 737-800 ගුවන් යානයක් වන 7C2216 ජෙජු එයාර් ගුවන් යානය මුහුණදුන් අනතුරින් දිවි ගලවා ගැනීමට හැකි වූයේ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු පමණයි.

ධාවන පථයට ගොඩබෑමට උත්සාහ කිරීමේ දී එහි කුරුල්ලෙකු ගැටීමෙන් පාලනයෙන් තොරව ගොස් බිම ඇදී පුපුරා ගියා.

ධාවන පථයට ගොඩබෑමට මිනිත්තු කිහිපයකට පෙර, එක් නියමුවෙකු විසින් කුරුල්ලෙක් සිය යානයේ ගැටුණු බවට සංඥා කළ අතර හදිසි ගොඩබෑමට යෑමේදියි යානය පිපිරීමට ලක් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?