දකුණු කොරියාවේ සිදු වූ බිහිසුණු ම ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි

දකුණු කොරියානු ඉතිහාසයේ සිදු වූ බිහිසුණු ම ගුවන් යානා අනතුරට හේතුව එම ගුවන් යානයේ එන්ජින් කොටසට නුදුරින් වූ කොටසෙහි කුරුල්ලෙකු ගැටීම බව තහවුරු කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ සිදු කළ පුළුල් විමර්ශනවලින් අනතුරුව හෙළි ව ඇත්තේ බෝයිං 737-800 ගුවන් යානයක් වන 7C2216 ජෙජු එයාර් ගුවන් යානයේ එන්ජින් අංගනයේ කුරුල්ලෙකුගේ රුධිරය සටහන් ව ඇති බවත් ඒ සමග ම කුරුළු පිහාටු ද ඇලවී ඇති බවයි.

මෙම ඛේදවාචකය 2024 වර්ෂයේ දෙසැම්බර් මස 29 වැනි දින සිදු වූ අතර එහිදී පුද්ගලයින් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝ හෙළිදරව්ව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් රොයිටර්ස් පවසනවා.

තායිලන්තයේ සිට දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ බෝයිං 737-800 ගුවන් යානයක් වන 7C2216 ජෙජු එයාර් ගුවන් යානය මුහුණදුන් අනතුරින් දිවි ගලවා ගැනීමට හැකි වූයේ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු පමණයි.

ධාවන පථයට ගොඩබෑමට උත්සාහ කිරීමේ දී එහි කුරුල්ලෙකු ගැටීමෙන් පාලනයෙන් තොරව ගොස් බිම ඇදී පුපුරා ගියා.

ධාවන පථයට ගොඩබෑමට මිනිත්තු කිහිපයකට පෙර, එක් නියමුවෙකු විසින් කුරුල්ලෙක් සිය යානයේ ගැටුණු බවට සංඥා කළ අතර හදිසි ගොඩබෑමට යෑමේදියි යානය පිපිරීමට ලක් වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14