දකුණු කොරියාවේ නව ජනපති ලී ජේ – මියුන්ග්

දකුණු කොරියානු ජනාධිපතිවරණය ජය ගැනීමට ලිබරල් අපේක්ෂක ලී ජේ – මියුන්ග් සමත් වුණා.

හිටපු ජනපති අපේක්ෂක යූන් සුක් යෙයොල්ට එරෙහි ව පැවති කෙටි කාලීන යුද නීතිය පැනවීම හේතුවෙන් ඔහුට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන් පසුවයි මාස දෙකකට පසුව මෙම ජනාධිපතිවරණය පැවැත්වූයේ.

දකුණු කොරියාවේ ප්‍රධාන රූපවාහිනී මධ්‍යස්ථාන ත්‍රිත්ත්වය වන KBS, MBC සහ SBS විසින් කරන ලද වාර්තා කිරිම්වලින් දැක්වූයේ ලී ප්‍රකාශිත මුළු ඡන්දවලින් 51.7% ක් ලබාගෙන අවසන් බවත්, එය දකුණු කොරියානු ජනාධිපතිවරණ ඉතිහාසයේ සියයට 50 පසුකළ පළමු අවස්ථාවත් ලෙසයි.

කොන්සර්වේටිව් ජනපති අපේක්ෂක කිම් මූන් සූ 39.3%කින් පරාජයට පත් කර ඇති බවත් වාර්තා වනවා.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ඡන්දය ප්‍රකාශ කිරීම දේශීය වේලාවෙන් පෙ.ව. 6 ට ආරම්භ වූ අතර රාත්‍රී 8 ට අවසන් වුණා.

මූලාශ්‍රය – BBC,cbs6albany.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?