Empty Ad
AFC Banner
Empty Ad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම අසාර්ථකයි

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් – සුක් – යොල් අත් අඩංගුවට ගැනීම අසාර්ථක වී තිබෙනවා.

එරට පොලිසියෙන් යූන් සුක් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී සුක් මහතාගේ ආධාරකරුවන් සහ ආරක්ෂකයින් ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ සමීපතමයින් කඳවුරු බැඳගෙන ඔහුට ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

යූන් – සුක් රැඳී සිටින ඔහුගේ නිවස වෙත පොලිස් නිලධාරීන් ගිය ද එම දොරවල් සියල්ල ම මුද්‍රා තබා අගුලු ලා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් කිසිසේත් ම දකුණු කොරියානු පොලිසියට මන්දිරය වෙත ඇතුල් වීමට ඉඩ ලබා දී නැහැ.

පොලිසිය සහ යුන්ගේ ආරක්ෂක නිලධාරීන් අතර ගුටිබැට හුවමාරුවක් වූ අතර දකුණු කොරියානු පොලිසිය හිටපු ජනාධිපතිවරයා ව අත්අඩංගුවට ගැනීම නිෂ්ඵල බව සලකා අතහැර දමා තිබෙනවා.

සති තුනකට පෙර යූන් දෝෂාභියෝගයකට ලක් ව ඉවත් කෙරුණු අතර ඔහුට විරුද්ධ ව වරෙන්තුවක් ද තිබීම අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියාත්මක වීම හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?