දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට ගැනීම අසාර්ථකයි

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් – සුක් – යොල් අත් අඩංගුවට ගැනීම අසාර්ථක වී තිබෙනවා.

එරට පොලිසියෙන් යූන් සුක් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී සුක් මහතාගේ ආධාරකරුවන් සහ ආරක්ෂකයින් ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ සමීපතමයින් කඳවුරු බැඳගෙන ඔහුට ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

යූන් – සුක් රැඳී සිටින ඔහුගේ නිවස වෙත පොලිස් නිලධාරීන් ගිය ද එම දොරවල් සියල්ල ම මුද්‍රා තබා අගුලු ලා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් කිසිසේත් ම දකුණු කොරියානු පොලිසියට මන්දිරය වෙත ඇතුල් වීමට ඉඩ ලබා දී නැහැ.

පොලිසිය සහ යුන්ගේ ආරක්ෂක නිලධාරීන් අතර ගුටිබැට හුවමාරුවක් වූ අතර දකුණු කොරියානු පොලිසිය හිටපු ජනාධිපතිවරයා ව අත්අඩංගුවට ගැනීම නිෂ්ඵල බව සලකා අතහැර දමා තිබෙනවා.

සති තුනකට පෙර යූන් දෝෂාභියෝගයකට ලක් ව ඉවත් කෙරුණු අතර ඔහුට විරුද්ධ ව වරෙන්තුවක් ද තිබීම අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියාත්මක වීම හේතුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06