දකුණු ආසියාවේ වැඩිම තෙල් මිල ලංකාවේ..

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමත් සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම ඉන්ධන මිලක් ඇති රට ලෙස අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

ඉන්දියාව තුළ පෙට්රල් ලීටරයක මිල ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් වේ.

මේ වන විට මෙරට තුළ පෙට්රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් වේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 339.99ක් වේ. ලෝකයේ රටවල් අතර ඩොලරයට සාපේක්ෂව වැඩියෙන්ම අවප්‍රමාණයක් වී ඇති මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වන බවද අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

මුදල් අවප්‍රමාණය වීම අතින් සුඩානයට පමණක් පහළින් ශ්‍රී ලංකාව සිටින අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුඩාන මුදල් ඒකකය වන සුඩාන පවුමක (Sudanese pound) මිල 447.50ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?