2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට ලක්ව තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය 10 වනදා මෙම සම්මාන උළෙල පැවැත් වුණා.
2022 වසරේ දී පැවති මෙම සම්මාන උළෙලේ දී අමුත්තන්ගේ තේරීම කාණ්ඩය යටතේ “වසරේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තේරී පත්ව තිබුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සිට ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය යන දකුණු ආසියානු රටවල ගමනාන්ත වෙත සතියකට ගුවන් ගමන් වාර 140ක් ක්‍රියාත්මක කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
13
+1
3
+1
1
+1
+1
3















