දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට 348ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලකුණු 317ක් ලකුණු පුවරුවට එක් කළා.

තරගයේ සිව්වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානුවන් සොයා දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 191ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ඔවුන් ඉතිරි කඩුලු 07 සඳහා අද දිනයේ තවත් ලකුණු 126ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම වෙනුවෙන් නායක ටෙම්බ ​​බවුමා ලකුණු 66ක් සහ ආරම්භක පිත්කරු ඒඩන් මාක්‍රම් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ දැමු අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් දවාගත්තා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව ලකුණු 358ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට රැස්කරගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10