AFC Banner
AFC Banner
Empty Ad

දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට 348ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලකුණු 317ක් ලකුණු පුවරුවට එක් කළා.

තරගයේ සිව්වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානුවන් සොයා දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 191ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව ඔවුන් ඉතිරි කඩුලු 07 සඳහා අද දිනයේ තවත් ලකුණු 126ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම වෙනුවෙන් නායක ටෙම්බ ​​බවුමා ලකුණු 66ක් සහ ආරම්භක පිත්කරු ඒඩන් මාක්‍රම් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ දැමු අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් දවාගත්තා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව ලකුණු 358ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට රැස්කරගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?