දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනත්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තමන් සහභාගී වූ 5 වැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණය වාර්තා කළේ ප්‍රතිවාදී බංග්ලාදේශයට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක මාර්ක්‍රම් පළමු ව පන්දුවට පහරදීම තෝරාගත්තා.

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් කළ දකුණු අප්‍රිකාවේ මුල් පෙළ පිතිකරුවෝ කඩුලු 05ක් දැවී පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 382ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

එහිදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වයින්ටන් ඩී. කොක් ලකුණු 174ක් පන්දු 140ක දී රැස් කළා.

ඩී.කොක්ගේ මෙම ලකුණු 174 ත් සමගින් මෙවර එක්දින ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියා වන්නේ ද ඔහු යි.

මීට අමතර ව නායක මාක්‍රම්ගෙන් ලකුණු 60ක් එක් වුණා.

මාක්‍රම්ගෙන් පසුව පිටියට එක් වූ Heinrich Klaasen පන්දු 49ක දී වේගවත් ලකුණු 90ක් රැස් කළේ බංග්ලාදේශ පන්දු යවන්නන්ව අන්ත අසරණ කරමින්.

ඊට අනගි සහායක් දුන් මිලර් ලකුණු 34ක් පන්දු 15ක දී රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවෙන් බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය 383ක්.

ජයග්‍රාහී ලකුණු 383ක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පිතිකරුවන් හට සාර්ථක වන්නට දකුණු අප්‍රිකාව ඉඩ ලබා දුන්නේ නැහැ.

Mahmudullah පමණක් හුදෙකලා සටනක නිරත වූ අතර, සෙසු ප්‍රබල පිතිකරුවෝ පවා අඩු ලකුණු සංඛ්‍යාවලට හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය කටයුතු කළා.

Litton Das ලකුණු 22යි.

Nasum Ahmed ලකුණු 19ක් ද, Tanzid Hasan ලකුණු 12ක් ද ලබා ගත්තා.

මහම්මුදුල්ලාහ් මුල් පෙළ පිතිකරුවන් සියල්ලම ලකුණු 100ක් වැනි අඩු ලකුණකට දැවී යාමේ වේගය වැඩි වූ අවස්ථාවක දී ද, ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින්, සිය එක්දින පිටියේ සිව්වැනි ශතකය ලබා ගැනීමට සමත් වුණා.

ඔහු දැවී ගියේ Coetzee යොමු කළ පන්දුවක් හමුවේ එල්ල කළ උඩ පන්දුව ජන්සන් විසින් රැකගැනීමත් සමගයි.

ඒ වනවිට මහම්මුදුල්ලා පන්දු 111කට ලකුණු 111ක් අතැතිව සිටියා.

ඔහු අද බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ ඉහළම ලකුණුලාභියා වුව ද, එය තරගය ජයග්‍රහණයට නම් කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

කඩුලු දඩයමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Gerald Coetzee කඩුලු 03ක් බිඳ දැමුවා.

කඩුලු දෙක බැගින් Marco Jansen, Kagiso Rabada සහ Lizaad Williams ට හිමිවුණා.

Keshav Maharaj හට එක් කඩුල්ලක ගෞරවය හිමි වුණා.

තරගයේ කඩුලු සියල්ල ම දැවී අවසන් වන විට බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 46යි පන්දු 04ක් අවසානයේ දී ලබා සිටියේ ලකුණු 233 ක් පමණි.

ඒ අනුව දැවැන්ත ලකුණු 149ක ජයක් දකුණු අප්‍රිකාවට හිමිවුණා.

තරගයේ වීරයා ක්වයින්ටන් ඩී. කොක්.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා.

පෙර සිටි තෙවැනි ස්ථානය නවසීලන්තයට පිරිනමින්, ඔවුන් හට නවසීලන්තයේ දෙවැනි ස්ථානය හිමිව තිබෙනු දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53