AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානු කතුන්ට කාසියේ වාසිය

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද (09) පස්වරුවේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායිකා Laura Wolvaardt තීරණය කළේ ස්කොට්ලන්තයට එරෙහිව පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට තරගය දෙරට අතර ඩුබායි හි දී ආරම්භ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර බී කාණ්ඩයෙන් තරග වදිනවා.

මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 09ක් ලබා ගෙන සිටිනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන රැඳී සිටින්නේ මුහුණ දුන් තරග දෙකෙන් එකක් ජය ගනිමින්.

ස්කොට්ලන්තය එහි අවසන් තැන රැඳී සිටින්නේ මුහුණදුන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?