AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානුවන්ට ඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

ලෝක කුසලාන තරගවලියේ ඉන්දීය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 326ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව කොල්කටා හිදී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට නම් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 327ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේ ඉන්දීය ඉනිම වෙනුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 49 වන ජගත් එක්දින ශතක රැස් කිරීමට සමත් වුණා.

කෝලිගේ මෙම සුපිරි ඉනිම වටා ගොඩනැඟුණු ඉන්දීය ඉනිමට ශ්‍රෙයාස් අයියර් ලකුණු 77ක් එක් කළා.

ඊට අමතරව නායක රෝහිත් ශර්මා ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලුංගි න්ගිඩි, මාර්කෝ ජැන්සන්, කගීසෝ රබාඩා, කේෂව් මහාරාජ් සහ තබ්‍රයිස් ෂම්සි එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?