දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අද (01) පෙරවරුවේ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
එම මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 88 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ඇතුළු පිරිසක් රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සැකපළ කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




