තොරොම්බල් වාහනවලට හෙට සිට නීති තදවෙයි

විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන්, නීති විරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලස්ර්, ආන්තරාදායක ලෙස සවිකළ අමතර කොටස් සවිකර ධාවනයවන රථවාහන සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මකවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

හෙට (08) දිනයේ සිට මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක බවත්, දිවයින පුරා පොලිස් නිලධාරීන් එම පරීක්ෂාවන් සිදුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
2
+1
13
+1
2
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?