තොන්ඩමන් පදනම සහ තොන්ඩමන් නාමය ඉවත් කිරිමට රජය සැලසුම් කරන බවත්, එයට වතුකරයේ ජනතාව
කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ්
අවධාරණය කරනවා.
අද (24) දිනයේ දී හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කරා.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ කනපති කනගරාජ් කියා සිටියේ ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ අම්භිගා සාමුවේල් මහත්මියත් සැලසුම් සහගතව පාර්ලිමේන්තුවට පැමිණ
රම්බොඩ තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් නෝර්වුඩ් නගරයේ පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේත් නම වෙනස් කල යුතු බවට ප්‍රකාශ කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කල සර්වමූර්ති තොන්ඩමන් නාමය
ඉවත් කිරිමට කිසිවෙකුටත් නොහැකි බවත්, එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව හෝ ලංකා කම්කරු කොංග්‍රසය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියා.
ජනාධිපතිවරයාට තිබෙන ජනප්‍රියතාවය පදනම් කරගෙන එම නියෝජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුව වෙත පැමිණි බවත්, එසේ පැමිණ වතුකරයේ ජනතාව වෙනුවෙන් කටයුතු කල සර්වමූර්ති තොන්ඩමන්ගේ නාමය හෝ තොන්ඩමන්
පදනම ඉවත් කිරිමට උත්සහ නොකරන ලෙසයි කනපති කනගරාජ් වැඩිදුරටත් පෙනවා දුන්නේ.













