තොන්ඩමන්ලට රජයෙන් සත්තමක් ? – කනපති කනගරාජ්ගෙන් අනාවරණයක්

තොන්ඩමන් පදනම සහ තොන්ඩමන් නාමය ඉවත් කිරිමට රජය සැලසුම් කරන බවත්, එයට වතුකරයේ ජනතාව
කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ්
අවධාරණය කරනවා.

අද (24) දිනයේ දී හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කරා.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ කනපති කනගරාජ් කියා සිටියේ ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ අම්භිගා සාමුවේල් මහත්මියත් සැලසුම් සහගතව පාර්ලිමේන්තුවට පැමිණ
රම්බොඩ තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් නෝර්වුඩ් නගරයේ පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේත් නම වෙනස් කල යුතු බවට ප්‍රකාශ කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කල සර්වමූර්ති තොන්ඩමන් නාමය
ඉවත් කිරිමට කිසිවෙකුටත් නොහැකි බවත්, එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව හෝ ලංකා කම්කරු කොංග්‍රසය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියා.

ජනාධිපතිවරයාට ති‍බෙන ජනප්‍රියතාවය පදනම් කරගෙන එම නියෝජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුව වෙත පැමිණි බවත්, එසේ පැමිණ වතුකරයේ ජනතාව වෙනුවෙන් කටයුතු කල සර්වමූර්ති තොන්ඩමන්ගේ නාමය හෝ තොන්ඩමන්
පදනම ඉවත් කිරිමට උත්සහ නොකරන ලෙසයි කනපති කනගරාජ් වැඩිදුරටත් පෙනවා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46