තෛපොංගල් බත උයාගන්න රතු හාල් නැති වුණේ පෙර ආණ්ඩුවේ වැරදි නිසා (වීඩියෝ)

අද (14) දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවයේ බත පිසීමට හෝ රතු සහල් හිඟ වී ඇත්තේ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය නිසා නොව පසුගිය ආණ්ඩුවේ අමනෝඥ තීන්දු – තීරණ නිසා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

රට තුළ රතු සහල් හිඟයක් නිර්මාණය වීමත් සමග ජනතාවගේ දෝස් මුරයට වත්මන් රජය ලක් වී ඇති බවත්; වැරදි පුවත්වලට හසු නොවන ලෙසත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වෙළෙඳ අමාත්‍යවරයා කියා සිටියා.

රතු සහල් හිඟ වීමට නිශ්චිතව ම බලපෑ හේතු ජනතාවට දැනුම්දීමේ බලාපොරොත්තුවෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කෙසේවෙතත් ඉන්දියාව සමග සාකච්ඡා කර; රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා යම් ප්‍රමාණයකින් රතු සහල් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවේ ද සීමිත කොටසක රතු සහල් වගා කරන බවත් නැව් ගාස්තු රහිත ව ආනයනය කිරීමේ දී ද විශාල පිරිවැයක් ඒ වෙනුවෙන් දැරීමට සිදු වන බවයි.

කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් ‍රජය විසින් ඉන්දියාවෙන් රතු සහල් මෙට්‍රික් ටොන් 7500ක් හෝ ආනයනයට උත්සාහයක් දරනු ලැබූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?