තේ කිලෝවක් මත රුපියල් 03ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට කාරක සභා අනුමැතිය

1959 අංක 16 දරන ශ්‍රී ලංකා ‍තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී
රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව තේ කිලෝග්‍රෑම් 1ක් මත රු.3/- ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට ද එම බලපත්‍ර ගාස්තුව තේ වගාව හා කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බව නිලධාරීන් පැවසුවා.

එම මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදලට බැර කිරීමට ද අපේක්ෂිතය.

මේ තුළින් තේ කර්මාන්තයේ නියැලෙන්නන්ගේ තේ ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා තේ නව වගා, නැවත වගා, පාළු සිටුවීම්වලට යොමුවීම සහ තේ කර්මාන්ත ශාලාවල කාර්යක්ෂමතාවය මෙන්ම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව ද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර අපනයන බෝගයක්වන තේ සඳහා පනවා ඇති සෙස් බද්ද මගින් ලැබෙන ආදායම කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නොලැබීම පිළිබඳව විමසා සිටියා.

කෙසේ වෙතත් එම මුදල් තම මණ්ඩලයට නොලැබෙන බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව අපනයන සංවර්ධනය උදෙසා පනවා ඇති එම සෙස් බද්ද මගින් ලැබෙන ආදායම ඒ ඒ අදාළ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා ලබාදීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥා පනතේ යල් පැන ගිය විධිවිධාන සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා වූ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත ද කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරුණා.

ඒ අනුව මෙම ආඥා පනත සංශෝධනය කිරීම මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම පැනවීමට හැකිවන අතර එදිනෙදා ව්‍යාපාරික කටයුතුවල නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සැලසීම සහ චෙක්පත්
ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා දීම අරමුණු කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

මේ අතර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා සහ කාරක සභා රැස්වීම්වල වාර්තා සහ කාර්ය සටහන් සකස් කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා, ආරක්ෂිත AI වේදිකාවක නියමු පරීක්ෂණයක් ද කාරක සභාවේ එකගතාව මත මෙම රැස්වීමේදි සාර්ථකව සිදු කෙරුණා.

මේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන හර්ෂණ රාජකරුණා, කෞෂල්‍යා ආරියරත්න, චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූ අතර නිමල් පලිහේන සහ විජේසිරි බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සූම්
තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
7
+1
1
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29