AFC Banner
AFC Banner
Empty Ad

තේ අස්වැන්න ඉහළ නංවන අලුත් ක්‍රමයක්

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයා වැලිපැන්න පේරගස්වත්ත අධි ඝනත්ව තේ වගාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශකත්වය හා මුල්‍ය ප්‍රතිපාදන යටතේ අධිඝනත්ව වගා ක්‍රමය මෙන්ම විසිරි ජල බින්දු තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති අක්කර 7 හමාරකින් සමන්විත මෙම වගාව අතිසාර්ථක අස්වැන්නක් ලබා දී තිබෙනවා.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකියි. එමෙන්ම සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ 300ක් වුවද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි වන නිසා මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වන්නේ ද නැහැ.

එමනිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි අතර අවම ජල ප්‍රමාණයක් හා අවම පොහොර ප්‍රමාණයක් මගින් මෙම අධිඝනත්ව තේ වගාව සිදු කළ හැකි වීම ද විශේෂත්වයක්.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම එම වගාකරුවන්ට අක්කරයක‌ට රුපියල් ලක්ෂ 10ක් බැගින් මුල්‍යාධාර ලබා දී ඇති අතර එම මුදල් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමද විශේෂත්වයක්.

අවම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබා ගත හැකි අතර ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අස්වැන්නක් ද මෙමගින් ලබා ගැනීමට හැකියි. එමනිසා මෙම අධිඝනත්ව තේ වගා ක්‍රමය අනෙකුත් වගාකරුවන්ටත් හඳුන්වා දීම සඳහා ඔවුන් දිරි ගන්වන ලෙසත්, 2024 දී මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සභාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි 2024 වර්ෂය තුළ නව තාක්ෂණය කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයට එක් කිරීම තම අරමුණ බව කී අමාත්‍යවරයා වගාබිම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කිරීමට සියලු නිලධාරින් කැප වී කටයුතු කළ යුතු බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?