තෙවන රාජ්‍ය ඔසුසල නාරාහේන්පිට දී විවෘත වෙයි (වීඩියෝ)

වත්මන් රජය යටතේ තෙවන රාජ්‍ය ඔසුසල නාරාහේන්පිට දී විවෘත කර තිබෙනවා.

ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි හා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරමින් ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරන මිලකට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් සඳහන් කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි රාජ්‍ය ඔසුසල කිරුළ පාර – නාරාහේන්පිට දී විවෘත කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ දී යම් යම් ගැටලු අවස්ථාවන් හි දී ජනතාවට අඛණ්ඩ ව සේවා සැපයිය හැකි ක්‍රමවේදයක් ලෙස ඔසුසල් ශාඛා දිවයින පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?