තෙල් සංස්ථාවේ කලබලකාරී තත්ත්වයක්

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වනවා.

ඔවුන් රැගෙන ආ ට්‍රක් රථ කිහිපයක් හරස් කර ප්‍රධාන කාර්‍යාලයට ඇතුළු වන දොරටු සම්පූර්ණයෙන් ම අවහිර කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාල භූමියට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවකුට හෝ හැකියාවක් නොමැති බව වාර්තා වන්නේ.

ස්ථානයේ තරමක කලබලකාරී තත්ත්වයක් වාර්තා වන අතර පොලිස් නිලධාරින් පිරිසක් ද තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?