නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද මුට්ටි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකදීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.
සැකකරුවන් විසින් මෙම මුට්ටි රුපියල් කෝටි 15කට විකිණීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරුවන් සහ අදාළ මුට්ටි තුන අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විකිණීමට සූදානම් කර තිබිය දීයි.
මෙම මුට්ටි තුන ඇතුළත විශාල වටිනාකමක් සහිත තෙල් වැනි ද්‍රාවණයක් ඇති බවත් ඒවා නොයෙකුත් වෙදකම්වලට යොදාගන්නා බවටත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර තිබෙනවා.



