තෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දෙන්න – ඇමති ත්‍රිරෝද රථ සංගම්වලට කියයි

මේ වනවිට අවස්ථා තුනකදී පෙට්‍රල් මිල රුපියල් 100.00කින් අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, අනුව එහි වාසිය ජනතාව වෙත ලබාදෙන ලෙස ත්‍රිරෝද රථ සංගම්වලට තමන් යෝජනා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (17) දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40.00 කින් අඩු කිරීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගම් සඳහන් කළේ මෙම මිල අඩුවුවීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදීමේ හැකියාවක් තමන්ට නොහැකි බවයි.

අමතර කොටස්වල මිල ඉහළයාම සහ ඉන්ධන කෝටාව ඉහළ නොදැමීම වැනි කරුණු හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමට හැකියාවක් නොමැති බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රිරෝද සඳහා අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?