තෙල් බරත් ජනතාවට බාර දෙන්න අපි සුදානම් – බලශක්ති ඇමති

යළිත් වතාවක් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කර තිබෙනවා.

ඒ ඊට බලපාන හේතුද පෙන්වා දෙමින්.

හේතු දෙක

බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන එක් හේතුවක් වන්නේ තෙල් සංස්ථාව ලබන අධික පාඩුව.

එම පාඩුව ඉකුත් අගෝස්තු 31 වන විට රු. බිලියන 70ක් (රු. මිලියන 70000) බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ හැරුණු කොට අවසන් වරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ ඉකුත් ජූනි 11 සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල 20% කින් ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

දරාගැනීමේ ශක්තිය

මෙම හේතූන් දෙක මත ඇති වන බලපෑම ආණ්ඩුව තවදුරටත් දරා ගැනීමට නොහැකි වූවොත් එය ජනතාවට බාරදෙන්න සූදානම් බවයි ඔහු අනාවරණය කරන්නේ.

අමාත්‍යවරයාගේ මෙම විග්‍රහයේ සරල අර්ථය වන්නේ තෙල් මිල ගණන් යළි වැඩි කළ යුතු බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ මාධ්‍ය හමුවක් තබමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?