පවතින තත්ත්වයත් සමඟ දුම්රිය ඔස්සේ ගමන් පහසුව සලසා ගැනීමට මේ වනවිට විශාල මගීන් පිරිසක් නැඹුරු වී ඇති බව දුම්රිය ලොකෝ මෝටිව් නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එලෙස දුම්රිය වෙත පැමිණෙන මගීන්ට නිසි සේවාවක් ලබාදීමට තරම් ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් ධාවනය නොවන බවයි එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක සඳහන් කළේ.
අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා සඳහන් කළේ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක් යොදාගත හැකි යෝග්‍යතම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය බවයි.
15,000ක් පමණ සේවය කරන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට ධාවනය වන්නේ දුම්රිය 180ක් පමණක් බව සඳහන් කළ ලේකම්වරයා එය ඉතා අඩු කාර්යක්ෂමතාවක් බවයි පැවසුවේ.
ඒ, අනුව ජනතාව ගැන සිතා දුම්රිය ධාවනය අඩු කිරීමේ තීරණයෙන් වැළකී සිටින ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.













