තෙල්වලින් විදුලි නිපදවන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි – බලශක්ති ඇමති

ඛනිජ තෙල් මඟින් විදුලිය නිපදවන්නේ රාත්‍රී කාලයේ අත්‍යවශ්‍යම වුවහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය පාවිච්චිය අඩුකර ඛණිජ තෙල්වලින් විදුලිය නිෂ්පාදනය නොකරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හිරු එළියෙන් එහෙම නැත්තං සූර්යය බලයෙන් සැපයෙන ශක්තිය අපට ලැබෙන්නෙ දහවල් කාලයේදී විතරයි. අපි ඛනිජ තෙල්වලින් විදුලිය ගන්නේ රාත්‍රී කාලයේ අවශ්‍ය උනොත් විතරයි. මේ ප්‍රභවයන් දෙක එකට එක සම්බන්ධ නෑ. විදුලිය සැපයීමේ ප්‍රභවය අවශ්‍යතාවය අනුව ඒක තීරණය වෙන්නෙ. ඒ වගේම අපි ආණ්ඩුව ගත්තට පස්සෙ පුනර්ජනනීය බලශක්තිය අඩු කරලා කිසිම වෙලාවකම ඩීසල් එහෙම නැත්තං ඛනිජ තෙල්වලින් බලශක්තිය නිපදවන්න කිසිම අරමුණක් හෝ ක්‍රමවේදයක් මේ වන තෙක් කරගෙන ගිහිල්ලා නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?