තෙල්වලින් විදුලි නිපදවන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි – බලශක්ති ඇමති

ඛනිජ තෙල් මඟින් විදුලිය නිපදවන්නේ රාත්‍රී කාලයේ අත්‍යවශ්‍යම වුවහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය පාවිච්චිය අඩුකර ඛණිජ තෙල්වලින් විදුලිය නිෂ්පාදනය නොකරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හිරු එළියෙන් එහෙම නැත්තං සූර්යය බලයෙන් සැපයෙන ශක්තිය අපට ලැබෙන්නෙ දහවල් කාලයේදී විතරයි. අපි ඛනිජ තෙල්වලින් විදුලිය ගන්නේ රාත්‍රී කාලයේ අවශ්‍ය උනොත් විතරයි. මේ ප්‍රභවයන් දෙක එකට එක සම්බන්ධ නෑ. විදුලිය සැපයීමේ ප්‍රභවය අවශ්‍යතාවය අනුව ඒක තීරණය වෙන්නෙ. ඒ වගේම අපි ආණ්ඩුව ගත්තට පස්සෙ පුනර්ජනනීය බලශක්තිය අඩු කරලා කිසිම වෙලාවකම ඩීසල් එහෙම නැත්තං ඛනිජ තෙල්වලින් බලශක්තිය නිපදවන්න කිසිම අරමුණක් හෝ ක්‍රමවේදයක් මේ වන තෙක් කරගෙන ගිහිල්ලා නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39