තෙලන්ගානා මන්ත්‍රීවරියක් මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට

තෙලන්ගානා මන්ත්‍රීවරියක් අද (23) අලුයම හයිද්‍රාබාද්හි සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ගමන්ගත් මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්යේ ආරක්‍ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ලාස්‍යා නන්දිතා නැමැති මෙම මන්ත්‍රීවරිය මෙලෙස රිය අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වන විට 37 හැවිරිදි වියේ පසු වුණා.

ඉන්දියාවේ භාරත රාෂ්ට්‍ර සමිති පක්ෂය නියෝජනය කරමින් ඇය මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි අතර, ඇය තෙලන්ගානා දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්ව සිටියා.

අනතුර සිදු වූ වහාම ලාස්‍යා නන්දිතා මන්ත්‍රීවරිය රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව ඇය රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් මෝටර් රථය පැදවූ රියැදුරු ද බරපතළ තුවාල ලබා දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වන්නේ.

මීට දින දහයකට පෙර නාකට්පල්ලි ප්‍රදේශයේ දී සිදුවූ තවත් අනතුරකින් ලාස්‍යා මන්ත්‍රීවරිය දිවි ගලවාගෙන ඇති අතර, එහිදී ඇය සුළු තුවාල ලබා තිබුණා.

පසුගිය 13 වන දින ඇය මහ ඇමතිවරයාගේ රැළියකට සහභාගී වීම සඳහා නල්ගොන්ඩාවට යමින් සිටිය දී එම හදිසි අනතුර මුහුණ දී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29