spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙලන්ගානා මන්ත්‍රීවරියක් මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට

තෙලන්ගානා මන්ත්‍රීවරියක් අද (23) අලුයම හයිද්‍රාබාද්හි සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ගමන්ගත් මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්යේ ආරක්‍ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ලාස්‍යා නන්දිතා නැමැති මෙම මන්ත්‍රීවරිය මෙලෙස රිය අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වන විට 37 හැවිරිදි වියේ පසු වුණා.

ඉන්දියාවේ භාරත රාෂ්ට්‍ර සමිති පක්ෂය නියෝජනය කරමින් ඇය මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි අතර, ඇය තෙලන්ගානා දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්ව සිටියා.

අනතුර සිදු වූ වහාම ලාස්‍යා නන්දිතා මන්ත්‍රීවරිය රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව ඇය රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් මෝටර් රථය පැදවූ රියැදුරු ද බරපතළ තුවාල ලබා දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වන්නේ.

මීට දින දහයකට පෙර නාකට්පල්ලි ප්‍රදේශයේ දී සිදුවූ තවත් අනතුරකින් ලාස්‍යා මන්ත්‍රීවරිය දිවි ගලවාගෙන ඇති අතර, එහිදී ඇය සුළු තුවාල ලබා තිබුණා.

පසුගිය 13 වන දින ඇය මහ ඇමතිවරයාගේ රැළියකට සහභාගී වීම සඳහා නල්ගොන්ඩාවට යමින් සිටිය දී එම හදිසි අනතුර මුහුණ දී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?