තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට ඇල්ලූ සයදෙනාම සිද්ධියට සෘජුවම සම්බන්ධයි – CID

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට අනාවරණය වු බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එලෙස හයවන සැකකරු වන රුවන් පුෂ්ප කුමාර යන අය ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු සමග යතුරුපැදිය පැදවූ අය බවටත්, ප්‍රධාන සැකකරු විසින් හයවන සැකකරුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති බවට ද විමර්ශනවල දී අනාවරණය වූ බවට අධිකරණයේ දී ප්‍රකාශ කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

තවමත් ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද ප්‍රකාශ කළා.

තුන්වන සැකකාරිය වන සුරංගි උදේශිකා යන අය ප්‍රධාන සැකකරු වන වෙඩික්කරුගේ අනියම් බිරිඳ බවට ද, ඇයගේ නිවසේ තිබියදී මෙම සිද්ධිය සඳහා භාවිත කළ පොරව ද සොයා ගැනීමට හැකි වූ බවට විමර්ශන නිලධාරියා විසින් අධිකරණයේ දී ප්‍රකාශ කළා.

මෙම සැකකරුවන් හය දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවල දී කරුණු ඉදිරිපත් වූ බවට විමර්ශන නිලධාරියා විසින් අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

තවමත් සිද්ධිය සඳහා යොදාගත් ගිනිඅවිය සහ යතුරුපැදිය සොයා ගැනීමට නොහැකි වූ බව ද අධිකරණයේ දී විමර්ශකයින් කියා සිටියා.

මෙම සැකකරුවන් හය දෙනා ජුනි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්
අරසේන මහතා නියෝග කළේ මෙවන් පසුබිමක් තුළයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?