AFC Banner
Empty Ad
Empty Ad

තුවක්කු හැදූ කම්හලක් සූරියවැවින් වටලයි

සූරියවැව ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් වැටලීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේ දී වයස අවුරුදු 33ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සූරියවැව, වැවේගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම වැටලීමේ දී T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ සොයාගැනීමට හැකි වූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.‍

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?