තුවක්කු හැදූ කම්හලක් සූරියවැවින් වටලයි

සූරියවැව ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් වැටලීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේ දී වයස අවුරුදු 33ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සූරියවැව, වැවේගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම වැටලීමේ දී T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ සොයාගැනීමට හැකි වූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.‍

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04