තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයේ මරණ 50000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑම් එල්ල කළ භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 50000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ව්‍යසනය හේතුවෙන් තුර්කියේ මහල් නිවාස 520,000ක් සහිත ගොඩනැගිලි 160,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාවලින් ගොඩනැගිලි කඩා වැටීමට වගකිව යුතු බවට සැක කෙරෙන පුද්ගලයන් 184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 6 වන දින ඇතිවූ භූ කම්පනයෙන් තුර්කියේ පමණක් මරණ 44,128ක් සිදුවී තිබෙනවා.

තුර්කි අධිකරණ අමාත්‍ය Bekir Bozdag පැවසුවේ, ආපදාවට ලක්වූ පළාත් 10ක කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 600කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිස අතර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් 79 දෙනෙකු, ගොඩනැගිලි සම්බන්ධයෙන් නීත්‍යානුකූල වගකීම් දරන පුද්ගලයින් 74 දෙනෙකු, දේපල හිමියන් 13 දෙනෙකු සහ ගොඩනැගිලි වෙනස් කිරීම් සිදුකළ පුද්ගලයින් 18 දෙනෙකු ඇතුළත්.

ව්‍යසනයෙන් නිවාස අහිමි වූ මිලියන දෙකකට ආසන්න ජනතාවක් කලාපයේ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල කූඩාරම්, බහාලුම් නිවාස සහ අනෙකුත් පහසුකම්වල නවාතැන් ගෙන සිටින බව තුර්කියේ ආපදා කළමනාකරණ අධිකාරිය පවසනවා.

භූමිකම්පා කලාපයේ කූඩාරම් 335,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇති අතර ස්ථාන 130ක බහාලුම් නිවාස ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම 530,000 කට ආසන්න පිරිසක් විපතට පත් ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි තුර්කි බලධාරීන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21