තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික කුෂ් සමග ගුවන් මගියෙක් අල්ලයි

රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි, කරත්තයක් භාවිතා කරමින් එළවළු වෙළදාමේ නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තුනට නවන කුඩ 50 ක් ද තායිලන්තයෙන් මිල දී ගෙන, ඒවා අතරින් කුඩ 20ක් ඇසුරුම් තුළින් ඉවත් කර, එම ඇසුරුම් තුළට මෙම කුෂ් මත්ද්‍රව්‍ය පුරවා රැගෙන විත් තිබූ බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට, තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද උදෑසන 10.00ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත් සඳහන්.

කුඩ 20ක් අඩංගු ඇසුරුම් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 117ක් සඟවා ගෙන තිබූ බවත්, ඒවා අත්අඩංගුවට ගෙන විවෘත කළ පසු දැඩි මත්ද්‍රව්‍ය දුර්ගන්ධයක් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ පැතිර යන්නට වූ බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය ගැන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?