පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථාන අතර තරගය අද (25) බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටන් හිදී ආරම්භ වුණා.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙහිදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස්කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් තීරණාත්මක මෙම තරගය බංග්ලාදේශයට ජයගැනීමට පන්දු 120ක් තුළ ලකුණු 116ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
මේ අතර ඇෆ්ගනිස්ථාන ඉනිම නිමාවනවාත් සමඟ කිංග්ස්ටන් පිටියට දැඩි වර්ෂාවක් පතිත වුණා.