තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 07ක අති විශිෂ්ට ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමු ව පිතිකරණයට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීමටයි.

එම ඇරයුම පිළිගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 නිමා වීමටත් පෙර, සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

තීරණාත්මක තරගයක දී පෙර සේ ම පිතිකරණයේ දැඩි අවශ්‍යතාව මෙන් ම වගකීම තඹේකට මායිම් නොකළ ප්‍රවීණ ක්‍රීඩකයින් අතර, දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා කැපී පෙනෙනවා.

පළමු කඩුල්ල ලෙස දිමුත් දැවී යන විට ඔහු ලකුණු 15ක් පමණක් ලබා සිටි අතර, ලකුණු 14ක් අතැතිව සිටි ධනංජය ද සිල්වා ද නොසැලකිලිමත් පිතිකරණය හේතුවෙන් දැවී ගියා.

තරගයේ ලකුණු පුවරුව 200ක් දක්වා හෝ ඔසවා තබන්නට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර, මැතිව්ස්ගෙ මෙන් ම දඟ පන්දු ක්‍රීඩක මහීෂ්ගේ ලකුණු සොච්චමට හැකියාවක් ලැබුණා.

ඒත් එලෙස අසීරුවෙන් ලබාගත් ලකුණු 241ක ඉලක්කය ඇෆ්ගනිස්ථානය පරදවන්නට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වූයේ නැහැ.

පිතිකරණයේ පමණක් නොව, පන්දු යැවීමේ මෙන් ම, පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් දවාගත යුතු ම ඇෆ්ගන් පිතිකරුවන්ගේ උඩ පන්දු පවා අතහැර ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද දිනයේ දී කටයුතු කළේ.

එහි ප්‍රතිඵලය වූයේ, Rahmat Shah ලකුණු 67ක් ද, නායක Hashmatullah Shahidi නොදැවී ලකුණු 58ක් සහ Azmatullah Omarzai ගෙන් ද නොදැවී ලකුණු 72ක් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් එක් වීමයි.

Ibrahim Zadran ලකුණු 39ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම පුරාවට ම ලබාගත් හයේ පහර 02ක වෙනුවට ඇෆ්ගන් කණ්ඩායම සිය ඉනිම පුරාවට ම දැවැන්ත හයේ පහර 05කින් සිය ලකුණු පුවරුව වර්ණ ගන්වා ගත්තා.

ඒ අනුව අද තරගය ඇෆ්ගන් කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් මෙන් ම ඉදිරි තරග වට සහ අවසන් පූර්ව වටයේ තරග ගැන යම් බලාපොරොත්තුවක් තබාගත හැකි වනවා.

ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට ඇද දමමින් ඇෆ්ගන් කණ්ඩායම මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 06ක් හිමිකරගනිමින් 05 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

ඇෆ්ගන් කණ්ඩායමෙන් කඩුලු බිඳ දැමීමේ දී ඩිල්ෂාන් මධුශංකට කඩුලු 02ක් සහ කසුන් රාජිතට එක් කඩුල්ලක් පමණක් හිමි වුණා.

ඇෆ්ගන් කණ්ඩායම ජය වාර්තා කරන විට ඔවුන්ට තවත් පන්දුවාර 50න් පන්දු වාර 05ක් ද ඉතිරිව තිබුණා.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් ලකුණු 34කට ලබා ගනිමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කළ ඇෆ්ගන් වේග පන්දු ක්‍රීඩක Fazalhaq Farooqi යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?