තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 07ක අති විශිෂ්ට ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමු ව පිතිකරණයට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීමටයි.

එම ඇරයුම පිළිගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 නිමා වීමටත් පෙර, සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

තීරණාත්මක තරගයක දී පෙර සේ ම පිතිකරණයේ දැඩි අවශ්‍යතාව මෙන් ම වගකීම තඹේකට මායිම් නොකළ ප්‍රවීණ ක්‍රීඩකයින් අතර, දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා කැපී පෙනෙනවා.

පළමු කඩුල්ල ලෙස දිමුත් දැවී යන විට ඔහු ලකුණු 15ක් පමණක් ලබා සිටි අතර, ලකුණු 14ක් අතැතිව සිටි ධනංජය ද සිල්වා ද නොසැලකිලිමත් පිතිකරණය හේතුවෙන් දැවී ගියා.

තරගයේ ලකුණු පුවරුව 200ක් දක්වා හෝ ඔසවා තබන්නට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර, මැතිව්ස්ගෙ මෙන් ම දඟ පන්දු ක්‍රීඩක මහීෂ්ගේ ලකුණු සොච්චමට හැකියාවක් ලැබුණා.

ඒත් එලෙස අසීරුවෙන් ලබාගත් ලකුණු 241ක ඉලක්කය ඇෆ්ගනිස්ථානය පරදවන්නට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වූයේ නැහැ.

පිතිකරණයේ පමණක් නොව, පන්දු යැවීමේ මෙන් ම, පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් දවාගත යුතු ම ඇෆ්ගන් පිතිකරුවන්ගේ උඩ පන්දු පවා අතහැර ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද දිනයේ දී කටයුතු කළේ.

එහි ප්‍රතිඵලය වූයේ, Rahmat Shah ලකුණු 67ක් ද, නායක Hashmatullah Shahidi නොදැවී ලකුණු 58ක් සහ Azmatullah Omarzai ගෙන් ද නොදැවී ලකුණු 72ක් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් එක් වීමයි.

Ibrahim Zadran ලකුණු 39ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම පුරාවට ම ලබාගත් හයේ පහර 02ක වෙනුවට ඇෆ්ගන් කණ්ඩායම සිය ඉනිම පුරාවට ම දැවැන්ත හයේ පහර 05කින් සිය ලකුණු පුවරුව වර්ණ ගන්වා ගත්තා.

ඒ අනුව අද තරගය ඇෆ්ගන් කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් මෙන් ම ඉදිරි තරග වට සහ අවසන් පූර්ව වටයේ තරග ගැන යම් බලාපොරොත්තුවක් තබාගත හැකි වනවා.

ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට ඇද දමමින් ඇෆ්ගන් කණ්ඩායම මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 06ක් හිමිකරගනිමින් 05 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

ඇෆ්ගන් කණ්ඩායමෙන් කඩුලු බිඳ දැමීමේ දී ඩිල්ෂාන් මධුශංකට කඩුලු 02ක් සහ කසුන් රාජිතට එක් කඩුල්ලක් පමණක් හිමි වුණා.

ඇෆ්ගන් කණ්ඩායම ජය වාර්තා කරන විට ඔවුන්ට තවත් පන්දුවාර 50න් පන්දු වාර 05ක් ද ඉතිරිව තිබුණා.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් ලකුණු 34කට ලබා ගනිමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කළ ඇෆ්ගන් වේග පන්දු ක්‍රීඩක Fazalhaq Farooqi යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40