තීරණාත්මක කාසිය වාසිය ශ්‍රී ලංකාවට

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ තීරණාත්මක කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ, අනුව මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශය කණ්ඩායමට ලබාදීමට ඔහු තීරණය කළා.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය මෙය වන අතර, බංග්ලාදේශය මීට පෙර එක් තරගයක් ක්‍රීඩාකර එම තරගය ජයග්‍රහණය කළා.

අද තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

අද තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
චරිත් අසලංක (නායක)
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
නුවන් තුෂාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?