AFC Banner
AFC Banner
Empty Ad

තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය සමඟ හරාරේ හිදී පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව වනිඳු හසරංග අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ අනුව පසුගිය තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත අද තරගයෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් අද තරගයට එක්වන්නේ නැහැ.

දිමුත් වෙනුවට අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු ලෙස සධීර සමරවික්‍රම කටයුතු කරණු ලබනවා.

දිමුත් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?