තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය සමඟ හරාරේ හිදී පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව වනිඳු හසරංග අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ අනුව පසුගිය තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත අද තරගයෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් අද තරගයට එක්වන්නේ නැහැ.

දිමුත් වෙනුවට අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු ලෙස සධීර සමරවික්‍රම කටයුතු කරණු ලබනවා.

දිමුත් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43