තිළිණි ප්‍රියමාලිට උඩගෙඩි දුන් රූපලාවන්‍යාගාර හිමිකරු රක්ෂිත බන්ධාගාරයට

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ගනුදෙනු වලට සම්බන්ධ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවෙකු බන 20 වනදා තෙක් රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල පාර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි රූපලාවණ්‍යාගාර හිමිකරුවකු වන ප්‍රියන්ත කුමාර නමැති අයෙක් බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුණා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

එක්සත් රාජධානියේ රැකියාවක නියුතු මෙරට ව්‍යාපාරිකයෙකු විසිනුයි මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?