තිළිණි ප්‍රියමාලිට උඩගෙඩි දුන් රූපලාවන්‍යාගාර හිමිකරු රක්ෂිත බන්ධාගාරයට

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ ගනුදෙනු වලට සම්බන්ධ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවෙකු බන 20 වනදා තෙක් රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල පාර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි රූපලාවණ්‍යාගාර හිමිකරුවකු වන ප්‍රියන්ත කුමාර නමැති අයෙක් බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුණා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

එක්සත් රාජධානියේ රැකියාවක නියුතු මෙරට ව්‍යාපාරිකයෙකු විසිනුයි මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17