තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට අදාළව පාර්ශ්ව කිහිපයකගෙන් ප්‍රකාශ සටහන් කරගනී

තිළිණි ප්‍රියමාලි නැමතියගේ මූල්‍ය වංචාවලට අදාළව මේ වන විට පාර්ශ්වයන් කිහිපයකගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මැයගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර රුපියල් මිලියන 750ක පමණ මුදලක් සැකකාරියට ලබාදුන් ව්‍යාපාරිකයෙකු ද ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් මිලියන 225කට අධික මුදල් සහ රන් භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව පෙරේදා (06) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අදාළ සැකකාරිය කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් සැකකාරිය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් මහලක ආයතනයක් පවත්වාගෙන ගොස් තිබුණා.

දැනට සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන්ම නළු නිලියන් ඇතුළු තවත් පිරිසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවයි.

මේ අතර සැකකාරියට ව්‍යාපාරිකන් හඳුන්වා දුන් ධ්‍යානලාභී යැයි කියන හිමි නමකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29