spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට අදාළව පාර්ශ්ව කිහිපයකගෙන් ප්‍රකාශ සටහන් කරගනී

තිළිණි ප්‍රියමාලි නැමතියගේ මූල්‍ය වංචාවලට අදාළව මේ වන විට පාර්ශ්වයන් කිහිපයකගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මැයගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර රුපියල් මිලියන 750ක පමණ මුදලක් සැකකාරියට ලබාදුන් ව්‍යාපාරිකයෙකු ද ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් මිලියන 225කට අධික මුදල් සහ රන් භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව පෙරේදා (06) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අදාළ සැකකාරිය කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් සැකකාරිය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් මහලක ආයතනයක් පවත්වාගෙන ගොස් තිබුණා.

දැනට සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන්ම නළු නිලියන් ඇතුළු තවත් පිරිසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවයි.

මේ අතර සැකකාරියට ව්‍යාපාරිකන් හඳුන්වා දුන් ධ්‍යානලාභී යැයි කියන හිමි නමකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?