කොරෝනා වසංගත සමයේ මෙරට පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 35ක් තර්ජනයට ලක් වූ අවස්ථාවේ, වෘත්තීය සමිති, හාම්පුතුන්, කම්කරු අමාත්‍යංශය එක්ව ත්‍රෛපාර්ශවික ගිවිසුමක් හරහා එම සියලු රැකියා සුරක්ෂිත කළ ඓතිහාසික ක්‍රියාදාමය ඇතුළත්, “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශවික එකඟතාවය” පර්යේෂණාත්මක කෘතිය අද (02) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පිළිගනවා තිබෙනවා.
මෙම කෘතියේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේ කථානායක කාර්‍යාලයේ දී කෘතිය කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
මෙම ගිවිසුමට නායකත්වය දුන්, කොවිඩ් වසංගත සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත, කෘතියේ පළමු පිටපත පිළිගන්වනු ලැබුවා.













