තිලක් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

දිගාමඬුල්ල දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

ඩී. එන්. සමරකෝන් සහ බී. ශෂී මහේන්ද්‍රන්‌ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අම්පාර, පුංචි සීගිරිය රජමහා විහාරයේ බඹරවානේ සද්ධාතිස්ස හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම්කාර හිමියන් ප්‍රකාශ කර තිබුණේ 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි බවයි.

රජයේ සේවයෙන් ඉවත් නොවී ඔහු එම නාමයෝජනා භාර දී තිබූ බවත් එබැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිමිකමක් නොමැති බවයි පෙත්සම්කාර හිමියන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ වගඋත්තරකාර තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව දිවුරුම් දෙන අවස්ථාවේ රජයේ සේවකයකු වශයෙන් කටයුතු කර ඇති බව අනාවරණය නොවන බවයි.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණය ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?