තිලක් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

දිගාමඬුල්ල දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

ඩී. එන්. සමරකෝන් සහ බී. ශෂී මහේන්ද්‍රන්‌ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අම්පාර, පුංචි සීගිරිය රජමහා විහාරයේ බඹරවානේ සද්ධාතිස්ස හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම්කාර හිමියන් ප්‍රකාශ කර තිබුණේ 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි බවයි.

රජයේ සේවයෙන් ඉවත් නොවී ඔහු එම නාමයෝජනා භාර දී තිබූ බවත් එබැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිමිකමක් නොමැති බවයි පෙත්සම්කාර හිමියන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ වගඋත්තරකාර තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව දිවුරුම් දෙන අවස්ථාවේ රජයේ සේවකයකු වශයෙන් කටයුතු කර ඇති බව අනාවරණය නොවන බවයි.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණය ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14