තිරිඟු පිට මිල නියාමනයට මිල සූත්‍රයක් ?

ලංකාවේ ගබඩාවල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳව ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්ධයෙන් මාස 02ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහා ද පවතීනම් එක් එක් පාර්ශ්‍වවල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසු ගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා වී තිබෙනවා.

මේ වන විට ලංකාව පුරා වෙළඳසැල්වල විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අලෙවි කිරීම සිදුවන බව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මුදල් ආමාත්‍යාංශය ලබාදුන් මිලගණන් අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 198ක මුදලකට අලෙවි කළ හැකි බව ද කමිටුව නිලධාරීන්ට පෙන්වා දෙනු ලැබුවා.

තිරිඟු පිටි මිල සැකසීමේ දී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මකවන බවත් මෙම තත්ත්වය වෙනස් කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළා.

තිරිඟු පිටි සඳහා පැනවූ බදු ගාස්තු වැඩිවීම හේතුවෙන් මිල ඉහළ යාම සිදු වුවත්, එම වැඩි වූ බදු මුදල ඒ වනවිටත් මෙරට ගබඩාවල පැවති තිරිඟු පිටි සඳහා ද එකතුකර මිල ඉහළ දමා ඇති බවයි සභාපතිවරයා නිලධාරීන් හමුවේ සඳහන් කළේ.

පසුගිය සමයේ ගෑස් හා කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සැකසීම වෙනුවෙන් දැරූ වෙහෙස සිහිපත් කළ සභාපතිවරයා තිරිඟු පිට මිල නියාමනයට ද මිල සූත්‍රයක දැඩි අවශ්‍යතාවය පෙන්වා දුන්නා.

වඩාත් විනිවිධ භාවයකින් කටයුතු කිරීමටනම් මිල සූත්‍රයක් වහාම සකස් කළ යුතු බවට කමිටුව අවධාරණය කළා.

මේ අතර සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

ඒ රේගු ආඥාපනත යටතේ, 2023 ජූනි 30 වන දින අංක 2338/54 අති විශේෂ ගැසට් පත්‍රය සාකච්ඡාවට ගත් අවස්ථාවේදීයි.

ඒ යටතේ 15%ව පැවති බදු ගාස්තු 5% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණා.

ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ මෙම වෙළඳ ගිවිසුම මඟින් මෙරටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නයි.

ඊට පිළිතුරු ලබා දුන් නිලධාරීයා ඒ පිළිබඳව සක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට නොහැකි වූ බව පැවසුවා.

ඒ පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකරමින් ,සිංගප්පුරු වෙළඳ ගිවිසුම හා කටයුතු සිදුකරන ප්‍රධාන නිලධාරියාට මෙම ගිවිසුම පිළිබඳව තාර්කාණු කූලව කරුණු ඉදිරිපත් කරමින් සති 06ක් තුළ වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙස නියෝග කරනු ලැබුවා.

අදායම් සංරක්ෂණ පනත යටතේ, 2023 ජුනි 16 දින අංක 2336/72 අති විශේෂ ගැසට් පත්‍රය දෙවන වරට ද සළකා බැලීම සිදුවුණා.

කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය යටතේ සිදුකළ යෝජනාවට අනුමැතිය ලබානොදීමට කමිටුව තීරණය කළා.

මෙහිදී සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට අදාළ HS කේත (HS code) වෙනස් කිරීමට අදාළ යෝජනාව නිලධාරීහු ඉදිරිපත් කරනු ලැබුවා.

කමිටුව ප්‍රශ්න කළේ මේ ඔස්සේ අදාළ අමුද්‍රව්‍ය ආනයන දී බදු ගාස්තු ඉහළයාම සිදුවනවා ද යන්නයි.

ඒ අනුව රජයේම එක් පිරිසක් බදු අඩු කරන ලෙසත් තවත් පිරිසක් බදු වැඩි කිරීමටත් කම්ටුවේ අනුමැතිය ඉල්ලීම ප්‍රශ්නකාරී බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

2021 වසරේ දී සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බදු ගාස්තු අඩු කළත් එම කාලසීමාවේ කිසිදු නව ආයෝජනයක් සිදුව නොමැතිබව කමිටුව හමුවේ අනාවරණය වුණා.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ මුලිකත්වයෙන් සාකච්ඡා පවත්වා බදු සංශෝධන පිළිබඳව එක් ප්‍රතිපත්තියක් සකස් කර කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලන දුන්නා.

එමෙන්ම 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ බදු සංශෝධනයට අදාළව කමිටුවේ අනුමතියට ඉදිරිපත් කළ තවත් ගැසට් පත්‍ර 02කට අනුමැතිය හිමි වුණා.

මේ අතර සූදු නියාමන අධිකාරියයක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය සම්බධයෙන්ද කමිටුව්දී සාකච්ඡා වුණා.

නිලධාරීන් ප්‍රකාශ කළේ මේ පිළිබඳව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේද ද, ලංකාවේද පවතින ආයතන කිහිපයක් සමග සාකච්ඡා කර කෙටුම්පතක් සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් අවසන් පනතක් සකස් කිරීමට පෙර එම කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, අනුව සූදු නියාමන අධිකාරියයක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර්මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙස කමිටුවට උපදෙස් ලබා දෙනු ලැබුවා.

මේ අතර පසුගිය කාල සිමාවේ මෙරට සිදුවූ ආයෝජන ප්‍රමාණයන් හා එහි ප්‍රතිලාභ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කමිටුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කමිටුවෙන් නියෝග කළා.

එමෙන්ම කමිටුවේ වෙනත් කරුණු සාකච්ඡා කිරීමේ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිමල් ලන්සා විදෙස් රටකින් පුවක් ආනයනය කර ඒවාට අගය එකතුකර ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රශ්න කළා.

මෙම කාරණය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ගැන ද කරුණු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ අනුව ඒ තීරණය නැවත සළකා බැලීමට අදාළ අනෙකුත් පාර්ශ්ව දැනුවත් කරන ලෙස මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03