AFC Banner
Empty Ad

තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ අයෙකුගේ සිරුරක් කටුකුරුන්දේ නිවසක

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පපුවට සහ උදරයට තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, කටුකුරුන්ද, සනස මාවතේ පදිංචිව සිටි අමිත් ප්‍රියදර්ශන නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක්.

පුද්ගලයෙක් නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බවට අද (21) උදෑසන පයාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයා බැලීමේ දී එම නිවසේ සාලයේ තිබී මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ පපු සහ උදර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකළ ගැඹුරු තුවාල දක්නට ලැබුණු බවයි විමර්ශන පවත්වන පොලිසිය සඳහන් කළේ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?