spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැඹිලි ලොරිය තාප්පයේ ගැටී රියදුරු සහ සහායකට බරපතලයි

පානදුර බණ්ඩාරගම මාර්ගයේ අලුබෝමුල්ල ප්‍රදේශයේ දී තැඹිලි පටවාගෙන ධාවනය වෙමින් තිබූ කුඩා ලොරියක් තාප්පයක ගැටීමෙන් රියදුරු සහ සහායකයා බරපතළ තුවාල ලබා  ඇතැයි අලුබෝමුල්ල පොලිසිය පැවසීය

තැඹිලි පටවා ගත් ලොරිය 23 සවස බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට ධාවනය වීමේ දී එකවරම මාර්ගයේ  ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් නිවසක් ඉදිරිපිට තාප්පයක සහ ගේට්ටුවක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි

ලොරිය තාප්පයේ සහ ගේට්ටුවෙ ගැටීමත්  සමඟ ම  ලොරිය තුළ සිරවී සිටි රියදුරු හා සහයක ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් යොදා විනාඩි තිහකට පමණ පසු මුදවාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි

ලොරි රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි

අනතුරින් ලොරි රථයට  මෙන්ම තාප්පයට සහ ගේට්ටුවට  ද රුපියල් ලක්ෂ ගණනාවක අලාභ සිදුවී ඇත 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?